Monday, October 28, 2013

Collaborative Learning



අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාව 2009 - 2011
ගුරු බලවන්තකරන දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය  - මහරගම.

ගුරු ශිෂ්‍යාගේ නම                 :  එච්. එම්. ඩබ්ලිව්. පි. හේරත්
ශිෂ්‍ය ලියාපදිංචි අංකය        : BE/09/S/S/0373
ප්‍රාදේශීය මධ්‍යස්ථානය         :  නුවරඑළිය
විෂය                                         :  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉගැන්වීමේ ක්‍රම විද්‍යාව
පැවරුම                                   :   සහයෝගී ඉගෙනුම.(Collaborative  Learning)
 
සහයෝගී ඉගෙනුම (Collaborative  Learning)

හැඳින්වීම.
 

නවීන ලෝකයේ අවශ්‍යතාවයන්ට සරිලනසේ පුද්ගලයින් නිර්මාණය කිරීමට සහයෝගී ඉගෙනුම කොතරම් දුරට වැඳගත් වන්නේද යන්න විමසා බලමු. සහයෝගී ඉගෙනුම පිළිබඳව අර්ථකථනයක් ගැන සිතා බලමු. සහයෝගයෙන් ඉගෙනුම යනුවෙන් අදහස් වන්නේ දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක සහභාගිත්වයෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක යමක් කර ගැනීමට යමක් ඉගෙනීමට ප්‍රයත්න දැරීම සිදුකිරීමයි. මෙහිදී එකිනෙකාගේ සම්පත්, දක්ෂතා, වටිනාකම් පිළිබඳව අධීක්ෂයනක් කළ යුතුය. ඒ තුලින් වටහා ගැනීම කළ යුතුය. මෙම ඉගෙනුම් ක්‍රමවේදය සිදුකරනු ලබන්නේ උද්යෝගීව සහභාගි වීම තුලින් අදහස් අත්දැකීම් ඛෙදාහදා ගැනීමටය. 



උදාහරණ ලෙස මුහුණට මුහුණලා කරන සංවාද, පරිගනක සාකච්ඡා, පරිගණක සජීවී වැඩසටහන් (Online Program) සහ සාකච්ඡා කාමර (Chat Room) හැඳින්විය හැකිය. මෙම ක්‍රමය ශිෂ්‍යයන්ගේ සහ ගුරුවරුන්ගේ බුද්ධිමත් ප්‍රයත්නයක් වන අතර කණ්ඩායම් වශයෙන් එකතු වී තම දැනුම ඛෙදාහදාගෙන ප්‍රශ්න විසඳීමද, පිළිතුරු සැපයීමද , කණ්ඩායම් ව්‍යාපෘති කිරීමද, වාද විවාද වැඩසටහන් පැවැත්වීමද ඉතා සාර්ථකව සිදුකල හැකිය. මෙම ක්‍රමයේදී දායක වන සෑම පුද්ගලයෙක්ම උද්යෝගීව, සෘජුව සහභාගි වේ.

මෙම ඉගෙනුම් ක්‍රමය බොහෝවිට ක්‍රීඩා කටයුතු වලදී, සෞන්දර්ය ක්‍රියාකාරකම් වලදී වෙනත් ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලදී යොදා ගැනීම සුදුසු වන අතර පරිගනක ආධාරයෙන් ඉගෙනීම, අන්තර්ජාලයෙන් ඉගෙනීම, විද්යුත් දෙබස් භාවිතයෙන් ඉගෙනීම යන ක්‍රමවේදයන් අනුගමනය කිරීමේදී ශිෂ්‍යයා සහ ගුරුවරයා හෝ ඒ පිළිබඳව නිපුනත්වයක් ඇති පුද්ගලයින් සමඟ කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. මෙහිදී සහයෝගී ඉගෙනුම සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපකරණ, පරිසරය නිර්මාණය වී තිබිය යුතුය. එනම් පරිගණක ආශ්‍රිත ඉගෙනීමේදී අවශ්‍ය උපකරණ සහ පරිසරය, ක්‍රීඩා ආශ්‍රිත ක්‍රියාකාරකම් වලදී උපකරණ සහ ක්‍රීඩා පිටිය, සෞන්දර්ය ක්‍රියාකාරකම් වලදී අවශ්‍ය උපකරණ සහ පරිසරය ආදිය අවශ්‍යතාව පරිදි සලසා දීම ඉගෙනීම කෙරෙහි රුකුලක් වනු නොඅනුමානය.

සහයෝගී ඉගෙනුම් ක්‍රමවේදයේදී ඉගෙනුම කරනු ලබන්නේ සාකච්ඡා තුලින්, අදහස් හුවමාරු කිරීම තුලින් නිසා පුළුල් තිර මාර්ගයෙන් සියළු දෙනාටම දැනුම ඛෙදාදිය හැකිය. (Over head projector) විශ්ව විද්‍යාල තුල ප්‍රබන්ධ කව සඳහා ශිෂ්‍යයන් සහ මහචාර්ය හා ආචාර්යවරුන් සමඟ එක්ව කටයුතු කල හැක. එමෙන්ම අවසානයේ කේවල කාර්යයන් වශයෙන් නිමාකොට බාරදිය හැක.

සහයෝගී ඉගෙනුම ආකාර කිහිපයකින් පෙන්වා දිය හැකිය. එනම් රූප මගින් ව්‍යාපෘති කිරීම, මඟපෙන්වීම තුලින් නිර්මාණ කිරීම, සහයෝගී ඉගෙනුම සහ තමාට ඇතිවන ප්‍රශ්න විසඳීම තුලින් ඉගෙනීම යන කරුණුය. මීට අමතරව මේ යටතේ ඇති තවත් ක්‍රමවේද කිහිපයකි. එනම්,

•    ගුරුවරුන් දෙදෙනෙකු ආශ්‍රයෙන් සහයෝගී ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුකිරීම.
•    විකල්ප සහයෝගී ඉගෙනීම.
•    සමාන්තර සහයෝගී ඉගෙනීම.
•    එක් ස්ථානයක සිට සහයෝගී ඉගෙනුම.
•    කණ්ඩායම් සහයෝගී ඉගැන්වීම.

•    ගුරුවරුන් දෙදෙනෙක් ඉගැන්වීමේ ක්‍රියාවලිය සඳහා දායක වීමේදී එක් ගුරුවරයෙක් උපදෙස් දෙන අතර අනෙක් ගුරුවරයා පංතිය වටේ ඇවිදිමින් ශිෂ්‍යයන්ට මඟපෙන්වීමෙහි නිරත වෙයි. සැලසුම් සකස් කිරීමේදී මෙම ගුරුවරුන් දෙදෙනාම එකට එකතු වී සකස් කරනු ලැබේ. අමතර ගුරුවරයා නිතරම ප්‍රධාන ගුරුවරයාට සහයෝගය දක්වයි.

•    විකල්ප සහයෝගී ඉගෙනීමේදී පංතියේ ශිෂ්‍ය සංඛ්‍යාව කණ්ඩායම් දෙකකට හෝ කිහිපයකට ඛෙදනු ලබයි. එක් ගුරුවරයෙක් විශාලම කණ්ඩායමට උදව්කරන අතර අනෙක් ගුරුවරයා පොඩි කණ්ඩායමට උදව් කරනු ලබයි.

•    සමාන්තර සහයෝගී ඉගෙනීමේදී පන්තියේ සිසුන් කණ්ඩායම් දෙකකට ඛෙදා එකම පාඩම ගුරුවරුන් දෙදෙනෙකු විසින් සිසුන් කණ්ඩායම් දෙකටම උගන්වනු ලබයි. මෙහිදී ළමුන්ට සාකච්ඡා කිරීම සඳහා අවස්ථාව සැලසේ. එමෙන්ම තමාට මතුවන ප්‍රශ්න නිරාකරණය කිරීම සඳහා වැඩි අවස්ථාවක් ලැබේ. මෙහිදී ළමුන්ගේ ක්‍රියාකාරීවීම තුල ඝෝෂාකාරී තත්වයක් හටගන්නා බැවින් ළමා හැකියා කෙරෙහි අවධානය යොමුකිරීම අපහසු වීම අවාසියකි.

•    එක් ස්ථානයක සිට සහයෝගී ඉගෙනීමේදී ළමුන් නිදහසේ, රිසිසේ ක්‍රියාකාරකම් සිදුකරනු ලබයි. සිසු හැඟීම් සුබවාදීව දළුලමින් තම දක්ෂතා හැකියා වැඩි දියුණු කර ගැනීමට මෙය හේතුවක් වන අතර සෑම ගුරුවරයෙක්ම මෙහිදී සමාන කාර්ය භාරයක් සිදුකරනු ලබයි.

•    කණ්ඩායම් සහයෝගී ඉගැන්වීම සඳහා ගුරුවරයා බොහෝ සැලසුම් සකස් කල යුතුය. මෙහිදී එක් ගුරුවරයෙක් උගන්වනු ලබන අතර අනෙක් ගුරුවරයා එය ක්‍රියාවේ නංවා පෙන්වීම හෝ පුවරුවේ ලිවීම කල යුතුය. ගුරුවරුන් දෙදෙනාටම තම තමන්ගේ උපදෙස්, අදහස් ශිෂ්‍යයින්ට ලබාදිය හැකිය. ගුරුවරයා නම්‍යශීලි  විය යුතුය. මෙහිදී ළමුන් සාර්ථක ප්‍රතිඵල ලබාගනී. ගුරුවරුන් දෙදෙනාගේ හැකියාවන් සහ අත්දැකීම් විවිධ බැවින් ශිෂ්‍යයා ඔවුන් දෙදෙනාගේම හැකියාවන් ලබාගනී. නමුත් පංතිය ගුරුවරයා ආධිපත්‍යය පතුරන ස්ථානයක් නොවිය යුතුය.

ඵලදායි ඉගැන්වීමක් උදාකර ගැනීම සඳහා ද සිසුන්ට වඩාත් කාර්යඬම ඉගෙනුම් ලාභීන් බවට පත්වීම සඳහා මෙම සහයෝගී ඉගෙනුම යොදාගැනීම අතිශය වටිනාකමකින් යුක්තය. මෙම සහයෝගී ඉගෙනුම් ක්‍රමවේදය ශිෂ්‍ය කේන්ද්‍රීය බව වැඩි වශයෙන් ඉස්මතු කරනු ලැබේ. යම් පාඩමක අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා නිදහස් ඉගෙනුම් කුසලතා ලබාගැනීම වැනි ශිෂ්‍ය ස්වාධීනත්වය, සිසුන් එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම, පළමුව ලබන අත්දැකීම් තුළින් දැනුම, ආකල්ප, කුසලතා මැනවින් උකහා ගැනීමට මෙම සහයෝගී ඉගෙනුම් ක්‍රමවේදය ඉතාම වටිනා බව පැහැදිලිය. සක්‍රීය ඉගෙනුම කෙරෙහි වැඩි දායකත්වයක් මෙම ක්‍රමවේදය තුල දක්නට ලැබීම වැඳගත්ය.

සහයෝගී ඉගෙනුම් ක්‍රමවේදය පංති කාමරය සඳහා යොදාගැනීමේ ඇතිවන වාසි.

1.    බොහෝ සිසුන් මෙම ක්‍රමයේදී පෙළඹවීමක් ඇති කරන බව අවබෝධ කරගනී. ඒ මන්ද ඔවුන් ඉගෙනුම් ක්‍රියාවලියට සක්‍රීයව දායක වන අතරම, කැමති ආකාරයට තේරීම් කිරීමටත්, සම්පත් පරිහරණයටත් ඉඩ ලැඛෙන බැවිනි.   
2.    මෙම ඉගෙනුම් ක්‍රමයෙන් ලැඛෙන විෂයානුබද්ධ දැනුම පිළිබඳ අවබෝධය ගැඹුරු බව තරයේ විශ්වාස කෙරේ.
3.    උද්යෝගීමත්ව හා ස්වයං මඟ පෙන්වීමකින් යුතු ඉගෙනුම මෙම ක්‍රමය තුල ස්ථාපිත වී තිබීම.
4.    තොරතුරු තාඬණ හා සන්නිවේදන නිපුණතා හා ඒ පිළිබඳ විශ්වාසය වැඩි කරයි.
5.    ලබාගත් අධ්‍යයන කුසලතා, විෂයමාලාවේ අනෙකුත් ක්ෂේත්‍ර සඳහා මාරු කිරීමේ හැකියාව ලබයි.
6.    සාම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රම හා සසඳන විට ක්‍රියාකාරකම්වල යෙදෙන කාලය වැඩි කරයි.
7.    සම්පත් භාවිතය (පුද්ගල හෝ වෙනත්) විවිධ වීම තුල තොරතුරු ලබාගැනීමද විවිධාකාර වීම නිසා ඒකාකාරිත්වයෙන් මිදේ.
8.    සිසුන් සම්පත් භාවිතා කරන විට, ගුරුවරයාට පන්තිය වටා යමින් තනි තනිව සිසුන්හට ඉගෙනුම් කාලය තුළදී අවශ්‍ය පරිදි තම සහාය හෝ උදව් ලබාදීමට හැකියාව ලැබේ.
9.    සිසුන්ට යෝග්‍ය මුහුණුවරකින් ඉගෙනුම ළඟා කරගත හැකිය.
10.    සිසුන් වැඩි දෙනෙක් පෙළ පොත් හා මුද්‍රිත මූලාශ්‍ර භාවිතයෙන් කටයුතු කිරීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැති නිසා මෙම ක්‍රමවේදය තුලින් වින්දනයක් ලබති.
11.    ඵලදායි ගුරුවරු සිසුන්ට ඉගෙනීමට උපරිම අවස්ථාව සම්පාදනය කරති.
12.    ශිෂ්‍ය සාධනය කළ හැකිදේ පිළිබඳ පහළ අපේක්ෂණයන්ට වඩා ඉහළ අපේක්ෂණ ඇත.
13.    සියළුම ශිෂ්‍යයින් සහභාගි වේ.
14.    ශිෂ්‍යයන් කාර්යයේ රඳවා ගැනීමට, පෙළඹවීමට හා ඵලදායි කිරීමට අදාල උපාය මාර්ග භාවිතා කළ හැකිය.
15.    ආවරණය කළ යුතු විෂය කරුණු ග්‍රහණයට පහසු පරිදි ව්‍යුහගත කළ හැකිය.
16.    පැහැදිලි උපදෙස්, අදහස්, විචාරාත්මක ලෙස ගුරු සිසු අතර සන්නිවේදනයට භාජනය වේ.
17.    ශිෂ්‍ය ප්‍රතිපෝෂණ සහ ඉදිරිපෝෂණ නිරතුරුවම ලබාදිය හැකිය.
18.    සිසු සහභාගිත්වය හා ගුරු සහභාගිත්වය උපමරිමයක් වේ.
19.    ඉගෙනුම් ක්‍රියාවලිය විවිධාකාර වූ සන්නිවේදන මාධ්‍යයන් හා නියෝජනයන් තුලින් පෝෂණය ලබයි.
20.    සිසුන් දත්ත රැස් කිරීමෙන් හා ඒවා විශ්ලේෂණය කිරීමෙන් වටිනා ක්‍රියාවලීන් හා කුසලතා උගනී.
21.    සැබෑ ලෝකය හා සහයෝගී ඉගෙනුම් ක්‍රමවේද අතර ඇති සෘජු සම්බන්ධතාව නිසා සිසුන්ගේ පෙර දැනුම හා නව දැනුම මත සංකල්ප ගොඩනැඟීමට හා අවබොධයකින් යුතුව ඉගෙනීමට ඇති හැකියාව වර්ධනය කරවයි.
22.    සිසුන්ගේ කරුණු අත්පත් කර ගැනීමේ හැකියාව මෙන්ම ඉහළ මට්ටමක චින්තන හැකියාව සහයෝගී ඉගෙනීමේ ක්‍රමවේද භාවිතයෙන් වර්ධනය වේ.
23.    විෂය කරුණු පිළිබඳ ගැඹුරු දැනුමක් සංවර්ධනය කෙරේ.
24.    මෙහිදී කණ්ඩායම් වැඩ කිරීමේ හා සාමූහිකව ඉගෙනීමේ කුසලතා වැඩි දියුණුවේ.
25.    එකිනෙකා අතර බුද්ධිමය වශයෙන් අන්නෝන්‍ය අන්තර් සම්බන්ධතාවයක් ගොඩනැගේ.


සහයෝගී ඉගෙනුම් ක්‍රමවේදය පංති කාමරය සඳහා යොදාගැනීමේදී ඇතිවන අවාසි.

1.    කාලය පිළිබඳව ගැටළු මතුවේ.
2.    විවිධ උපකරණ සහ සම්පත් සොයා ගැනීම පිළිබඳ ගැටළු මතුවේ.
3.    ක්‍රියාත්මක කිරීමේදී විවිධ ප්‍රායෝගික ගැටළු මතුවේ.
4.    අවශ්‍ය පරිසරය සකසා ගැනීමේදී ගැටළු මතුවිය හැකිය.
5.    උපකරණ භාවිතා කිරීම සම්බන්ධව ගුරුවරයාට ඇති දැනුම අවම වීම.
6.    සාක්ෂරතාවය අඩු ළමයින්ට තොරතුරු අවබෝධ කර ගැනීමේදී දුෂ්කරතා මතුවිය හැකිය.
7.    සමහර සිසුන් සහයෝගී ඉගෙනුමෙහි නියැලී සිටින බව ඇගෙව්වත් සත්‍ය වශයෙන් ඒවාට දායකවීම හා ඉගෙනීම දුර්වල විය හැකිය.

මේ අනුව විමර්ශනය කරන විට පැහැදිලි වන කරුණු අතර සහයෝගී ඉගෙනුම වඩාත්ම ගැලපෙන ක්‍රමවේදයක් ලෙස පංති කාමරය සඳහා යොදාගත හැකිය. ඵලදායි ඉගෙනීමක් දෘෂ්‍යමාන වන බව වාසි අවාසි විමසා බැලීමේදී අවබෝධ වේ. එඩ්ගාර් ඩේල්ගේ ඉගෙනුම් කේතුවට අනුව වැඩි වශයෙන් ඵලදායි වන ඉගෙනුම් අත්දැකීම් ලබන ක්‍රමවේද වන

ශ්‍රව්‍ය දෘෂ්‍ය ක්‍රම        20%
ප්‍රදර්ශන ක්‍රම            30%
කණ්ඩායම් සාකච්ඡා ක්‍රම    50%
පුහුණු කිරීමේ ක්‍රම        75%

අන් අයට තම අත්දැකීම් ලබාදීමේ ක්‍රම 80% යන සියල්ලම සහයෝගී ඉගෙනුම දෘශ්‍යමාන වේ. එම නිසා මෙම ඉගෙනුම් ක්‍රමවේදය ඉතා ඵලදායි ඉගෙනුම් ක්‍රමවේදයක් ලෙස හැඳින්විය හැකිය.